Saturday, November 16, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

4

"රතු වෙයි මූණ"

"ඒ මොකද?"

"අවුව ඔයාට"

"කමක් නෑ"

"කකුලටත් අවුව"

"හ්ම් ඔවු නේද.."

"කලු වෙයි.."

"කමක් නෑ"

"බෑ එහෙම වෙන්න"

"ඔයාටත් අවුව"

"ඔවු මාත් කලු වෙයි"

"ඔයාගෙ තව මොනාද කලු වෙන්න තියෙන්නෙ"

"ආ..ඔන්න කිවුවා...මේ බලනවා මම සුදුයි...කවුරුවත් කියන්නෑ මට ඔහොම..."

"මම කියනවනෙ ඒ වුණාට"

"ඔයාගෙ කකුල පිච්චෙනවා.."

"කමක් නෑ.."

"ඔන්න මගේ කකුලෙන් වහනවා ඔයාගෙ කකුල.."

"පිස්සු ඔයාට.."

"මූණත් වැහුවෑකි.."

"මූණ?"

"ඔවු අනිත් කකුලෙන්.."

"කකුලෙන්.!!"

"හි හි ඔන්න අවුවටත් කලියෙන් රතු වුණා මූණ.."

-හොදටෝම හිනා අපිට-




9 comments:

  1. හී හී.....................මරු ඈ

    ReplyDelete
  2. මේවට කියන්නෙ ගද්‍යද පද්‍යද ?

    ReplyDelete
    Replies
    1. ම්... මේ මට ඇහුණ ලස්සනම දෙබස් ටිකක් සමී...එච්චර දුරට සාහිත්‍යෙයන් හිතුවෙ නෑ...ලියවුණ විදියට ලියලා දැම්මා...:)

      Delete
  3. අර මල් මල් බිස්කට් තියෙන්නේ. එක එක පාටින් පොඩි රවුමක් උඩ අයිසින් දාලා. ඒ වගේ රහයි

    ReplyDelete
  4. අමුතු ආරක නිර්මාණයක්! තව තව ලියන්න අපි නැවත එනවා රස විඳින්න...

    ReplyDelete
  5. ලස්සනයි අමුතුයි හරි රහයි. ඊලග එකත් කියවන්න එන්නම්

    ReplyDelete