මුහුද මැද්දටම වෙලා ජීවත් වෙන්න හිතුවාමයි දැණුනෙ තනිකම. එක මාලුවෙකුටවත් ලිහිණියෙකුටවත් මාත් එක්ක කතා කරන්න බෑ. උන් හැමෝම හතර වටේ කැරකි කැරකි මෝඩ ආතල් ගන්නවා විතරයි. බලන බලන පැත්තෙ තියෙන්නෙ පට්ටම පට්ට මූසල කමක්. කාලකන්නි කමක් එක්ක එකතු වෙලා බඩ පිනුම් ගහන ලුණු වතුර ගොන්නක්. වතුර රැළි පොඩ්ඩක් උඩට මතු වෙලා ආයෙම යට ගිලෙන්නෙ මැරෙන්න ළං වෙලා හති අරිනවා වගෙයි.
මට මුහුද මැද්දට යන්න හිතුනෙ පුංචි කාලෙ ඉඳලම මුහුදට ආදරේ කරපු හන්දා. ඒ කාලෙ අම්මගෙ අතේ එල්ලිලා මුහුදු රැල්ලෙ දණ ගෑවා, බඩ ගෑවා, ඇති තරම් නැටුවා. කොච්චර දවස් ගත වුණත් මුහුදු රැල්ල පාගන්න තිබුන ආසාව නම් නැති වුණේම නෑ. මුහුද දිහා බලා ගෙන ඉන්න කොට පුදුමත් හිතුණා මේ තරම් ලස්සනට රැල්ල හැදෙන්නෙ කොහොමද කියලා.
ඒත් මුහුද මැද්දටම එබිලා බලපු කෙනාටයි තේරෙන්නෙ රැල්ල හදන්නෙ මුහුද නෙවෙයි වෙරළ කියලා. මූද මැද්දෙ රැල්ල නැහැ. අතරින් පතර රැල්ලක් දෙකක් මතු වුණත් ඒවයෙ පිරිලා තියෙන්නෙ වතුරවල අඳුරු පාටටත් එහා ගිය මූසල කමක්. එතන ඉඳලා මං මුහුදට නෙවෙයි වෙරළට පෙම් බඳින්න පටන් ගත්තා.

(මතු සබැඳේ)
නියමයි….... (y)
ReplyDeleteස්තූතියි දිරිමත් කිරීමට..!!
Deleteනියමයි සාජා....
ReplyDeleteතෑන්ක්ස් කසුන්...
Delete