Wednesday, November 28, 2012

දුවේ..


අතට හුරු වුණ තුවක්කුවකින්
වෙඩිල්ලක් තියලා
අහස ඉරිලා ඇබින්දක් - ඉන්
හද බිමට වැටිලා

පුංචි තරු කැට රැය පුරාවට
පිනි කදුළු හලලා
බයෙන් ඇඩුවලු දෙනෙත රතු කර
අම්මා නැහැ කියලා

මගෙ දුවේ නුඹ එළිය අරගෙන
රැයට සද වීලා
පායපන් මුළු අහස මත්තට
පුංචි තරු නලවා

තුවක්කුව හුරු අතට සෙනෙහෙන්
පන්හිදක් දීලා
කවක් ලියපන් එවුන් එක්කලා
ආදරේ තවරා..

10 comments:

  1. තුවක්කුව හුරු අතට සෙනෙහෙන්
    පන්හිදක් දීලා
    කවක් ලියපන් එවුන් එක්කලා
    ආදරේ තවරා..

    කියන්න වචන නැහැ සාජානි මට මේ පද ටිකේ තියෙන ලස්සන ගැන...!!!මම මේ පොස්ටුව සම්පූර්ණයෙන් තුන් පාරක් කියවද්දී මේ පද හතර විතරක් වෙනම දහ පාරකට වඩා කියෙව්වා...!!!පුදුම තරම් ලස්සනයි...ඒ හිතට දැනෙන හැගීම ලියන්න මගේ ශබ්දකෝෂයේ වචන මදි මට...තව ලියන්න මේ වගේ හිතට දැනෙන දේවල්...අපි අසාවෙන් බලන් ඉන්නවා මේවා රස විදින්න....!!!

    ඔයාට මගෙන් සුභ පැතුම්.....!!!

    ReplyDelete
  2. අහස ඉරිලා ඇබින්දක් - ඉන්
    හද බිමට වැටිලා

    මාරයි ඇඩෙන්නම ලියල තියනව ජයවේවා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා.. ජය වේවා!!

      Delete
  3. Niyamai Sajani
    mama dakke Sena FB 1e share karapu nisa. ubatath thanx mcho..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාලුවා..
      සේනෝ ආයෙම ඔයාටත් ගොඩක් ස්තූතියි..

      Delete