Thursday, November 8, 2012

සබද...

විසල් අහස විසිරී හිද
රටා මවන තරු කැට මැද
දිලෙනා රන් තරුවක් වෙත
ඔබේ දෙ ඇස දිව යන සද -
සබද ඔබම ඔබ දැක ඇත

ගලා හැලෙන ඇල්ලක සිට
වැටෙනා එක දිය බිකට
කම්පා වන සඳ හද ස්වර
උතුරා යන සිතිවිලි මැද -
සබද ඔබට ඔබ හමු විය

තිමිර සිදින හිරු රැස් දැක
මල් පිබිදෙන වන මැද හිද
දස දහසක් සියොතුන් නැගි
ජීවනයේ ගී හඩ මැද -
ඔබේ ස්වරය සැගවී ඇත

ඉගැඹුරු මහ සයුර සමග                               
පවනැල්ලක් හාදව සිට
මවනා රැළි සරැළි අතර
මතුවන එක දිය රැල්ලක -
ඔබත් මමත් හමු වී ඇත
..

2 comments:

  1. සොබා දහමේ
    සොඳුරු නිමේෂයන්හි
    සැඟවී ඇති කල
    අපේම සෙවනැලි..

    දිය රැල්ලක වූ
    අස්ථිර ඇසිල්ලක
    ඔබත් මමත්
    හමු වී සිටිනා වග..

    ඉඟි කරනා වග
    වැටහුනි "සබඳ"..

    ReplyDelete
  2. "ඉගැඹුරු මහ සයුර සමග
    පවනැල්ලක් හාදව සිට
    මවනා රැළි සරැළි අතර
    මතුවන එක දිය රැල්ලක
    ඔබත් මමත් හමු වී ඇත.." මරු,….




    ReplyDelete