Tuesday, March 26, 2013

අභාග්‍යය නම් අහිමි වීමම නොව.. හිමිකම නොදැනීම යි..

පොළව තව නොදන්නී
මල් යායේ හිමිකාරි
ඇයම වග...

අහස තව නොදන්නේ
දේදුන්නේ අයිතිය
ඔහුට වග..

බලා හිදින්නෝ
දෙපස සිට,

රැගෙන යන තුරා
මල් යායත්..

මැකී යන තුරා
දේදුන්නත්...



6 comments:

  1. අහිමිවීම..හිමිකම නොදැනහිඳීම..යන දෙකම අභාග්‍ය නොවන වෙලාවලුත් එමටයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.....:)
      සතුටුයි මේ පැත්තෙ ආව එක ගැන..ජය.. :)

      Delete
  2. ඇතැම් හිමිවීම් යනු,
    හිමි විය යුතුම දේ අහිමි කිරීමයි....

    ඇතැම් අහිමි වීම් යනු,
    හිමි විය යුතුම දෙයට ඉඩ සැලසීමයි......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... අහිමි වීමම ය හිමි වීම
      හිමි වීමම ය අහිමි වීම....
      :)

      Delete
  3. සමහර දේවල් කොතරම් නොහිමි යයි දැනුනත් ඒ හැගීම් අපි ආයාසයෙන් යටපත් කරගන්නවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.....

      සාදරයෙන් පිළිගන්නවා දේශෝ ඔයාව....:)

      Delete