Thursday, April 25, 2013





පායා  __ හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
තව නොලියූ පෙම් කවියට නුඹ මුලකුරු ගෙනත් දෙන්න
මාත් එක්ක එකතු වෙලා ජීවිතයේ රහ බලන්න
හෙට උදේම නුඹ එනතුරු මං ඉන්න __ මට කියන්න

පබැදූ හැම කවි වැලකම තිබුණ අඩුව මකා ගන්න
තව කවියක් ලිව්වා මම ජීවිතයම ස__ස ගන්න
ලිවු කවියේ තේමාවට ඉරක් නොදා නමක් දෙන්න
මේ කවි‍‍ෙ__ත් මට මිස් වුණු අකුරු හතර සොයා දෙන්න....



14 comments:

  1. මට නම් කවිය ඇතුලේ ඒක තියනවා කියලා හිතෙන්නේ

    ReplyDelete
  2. පායා"ආ" හිරු සදු ලෙස හැමදාමත් ළගින් ඉන්න
    ඔබ නොලියු පෙම් කවියට මං මුලකුරු ගෙනත් දුන්න
    නුබත් එක්ක එකතු වෙලා ජිවිතයේ රහ බලන්න
    හෙට උදයේම නුබ එනතුරු මං ඉන්න"ද" මට කියන්න...

    පැබදු හැම කවි වැලකම තිබුණු අඩුව මකා ගන්න
    තව කවියක් ලිව්වා ඔබ ජිවිතයම ස"ර"ස ගන්න
    ලිව් කවියේ තේමාවට "ආදරයයි"නමක් දුන්න
    මේ කවි"ය" නුබ මගහැරි අකුරු සතර සොයා දුන්න ................

    ReplyDelete
  3. ආවාදෝ ඒ හිරු සඳු නවතින්නට ඔබේ ලඟින්,
    දල්වන්නට ඔබත් එක්ක ඔබේ ලෝකෙ ප්‍රේම පහන්,
    රහද ජීවිතේ බලන්න ගොඩනගන්න හිතට අරන්,
    යන්න කලින් කියනවාද ආවේ ඒ කවුද ඉතින්? :P

    ReplyDelete
    Replies
    1. රස වින්දත් ආදරයක කවි පද වැල් ගොතා හෙමින්
      හිතුණේ නෑ මගෙ දිවියට දල්වන්නට ප්‍රේම පහන්
      හැම කවියෙම මට මිස් වුණ අකුරු හතර එයයි ඉතින්
      ආවේ නෑ ඔය කිව්වට කවුරුවත්ම අනේ ඉතින්......... :P :D

      Delete
  4. ලස්සණ යි, :) ආදරේට තේරුමක් දුන්න අමුතු ම කවියක්.

    ReplyDelete
  5. උත්තරය කියලනේ අනේ..

    ReplyDelete
    Replies
    1. හි හි ඒකනෙ නලීන් අයියෙ.....:)

      Delete
  6. උත්තරේ කියලනෙ :p ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හයියු.....:P ස්තූතියි සම්පත්....:)

      Delete