Saturday, April 27, 2013

ගමන් මග අතරතුර.....



දුර මග ගෙවා යන'තර සන්සුන් ගමනින්
මට හමු වුණා හෙවණක් අහසට පහළින්
දැක ඒ සුවද පොඩි ගෙය සුවයක් සදමින්
හිත නැවතුනා ඇවිදින දෙපයටත් කලින්

සුදු වැලි අතුල මළුවේ පියවර මනිමින්
මං ගොඩ වුණා එළිපත්තට හුරු ගමනින්
වරුවක් බලා උන්නත් දොරකඩ ගාවින් 
නැහැ දොර ඇරෙන පාටක් නම් මා වෙනුවෙන්

මගෙ අත පිරුණ හසකැන් මල් මිට අතරින්
එක කුසුමක් අරන් පූජා කර බැතියෙන්
පැතුමක් තබා ඒ ගෙයි හිමි කරු වෙනුවෙන්
සමු ගමි ඉතින් මට හිමි නැති ඒ පියසින්.........


12 comments:

  1. පියවර නගන විට පැවසුව ගේ අසලින්
    එක් පොඩි දෙයක් ඇත ඇසුමට පිරි කුහුලින්
    සෙවනට පැමිණි ඉටු දෙව් කුල ලිය කමලින්
    ඇති පල කිමද නුඹ නොදුටුව නෙත් යුගලින්

    ReplyDelete
  2. වෙන්වීම තමයි උරුම හමුවීමට වඩා...

    ReplyDelete
  3. \\පැතුමක් තබා ඒ ගෙයි හිමිකරු වෙනුවෙන්//
    වරුවක් නෙමෙයි සසරක් බලා ඉදලද කොහෙද.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    ReplyDelete
  5. හිමි වෙයි කියලා අපි හිතන ගොඩක් දේවල් අපිට අහිමි වෙන්නේ අපි නොදැනීම යි. ලස්සණ කවියක්, සාජානි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔබ වැනි කවිකාරියකගේ
    සිත නැවතුන ඒ මාළිගයේ
    දොර මන්ද නොම හැරුනේ
    අවාසනාව නොවේද ඔහුගේ.....???

    ReplyDelete
  8. සන්සුන් සෙනෙහසක හිමිකරු ළග සෙනෙහෙන්
    තිබු මල්මිටට නෙත් නොහැරුණිදෝ කෙලෙසින්
    කිවිදියෙ තනිව වැළපෙන හිමිකම් වෙනුවෙන්
    කිව මැන කෙලෙස උපනිද මේ මුදු කවිකම්?

    ReplyDelete
  9. අගෙයි කවිකාරියේ

    ReplyDelete
  10. ගිනියම් වැලි කතර සරමින් මඟ නොදැන
    දුටුවෙමි මමත් රුක් ගොමුවක් සොඳ සෙවන
    නැවතී මමත් හිඳ මොහොතක් ලදිමි සුව
    ඔච්චම් කරන දහසක් වැලි කැට අතර
    මට සෙවනක්ව සිටි සකි සඳ නුඹ බැවින
    හිතටත් හොරා පෙම් බැඳ හද නුඹ වෙතට
    එහෙත්,
    මග වැරදුනු තවත් සහසක් වු මඟියන්ට
    පිදුහැකි බැවින් නුඹෙ සිහිලැති සොඳ සෙවන
    හැර යමි නුඹ නැවත මම වැලි කතර වෙත
    අවසර මෙමල පුදනට අවසන් ලෙසට.....................

    ReplyDelete
  11. සොදුරුතම මිනිස් සිතිචිලි....පන්හිදට ගෙන චියා....අහිංසක සිත් පොලොච ..ස්නෙහයෙන් තෙමාලන ..ඔබ...නම්..අසමසම කිචිදියක්....

    ReplyDelete