Friday, May 24, 2013

මට උඹව ඕනි නැහැ...


මට උඹව ඕනි නැහැ...
ඔන්න කිවුවා මුලින්ම,

දගලන්න එපා ඔය තරම් 
මං ඉස්සරහා
අල්ල ගත්තොත්
මං - උඹව
අතාරින්නෙ නෑ මයි...

තුවාල වෙයි උඹට
සෑහෙන්න
මගේ කවිවලින්

හිතන තරම් 
අහිංසක නෑ මං

වෙඩි තියන්නෙ
මූණිස්සම් වචනවලින්..

උඹේ ආත්මය 
අඩියෙන් අඩිය හූරලා
කවිවලට ගොනු කරලා
රහ බලනවා මං
හප හපා..

හදවතින් ගලන
ලේ බිංදු එකක්වත්
අතාරින්නෙ නම් නෑ
මගේ කවිවල
එළිවැටට ගන්නවා..

උඹටමයි කියලා
ඉතුරු වෙන එකක් නෑ
කිසි දෙයක්

ඉතිං පලයං
ජීවිතේ බේර ගෙන
මගේ ඇස් මානෙන්
ඈතකට....

















6 comments:

  1. මේ වෙසක් දවසේ වෛරය පාකර හැරලනේ... ඒ තරම් දරුණු වෙන්න හොද නෑ දරුවෝ

    ReplyDelete
    Replies
    1. ම්...වෛරයකින් ලියපු එකක්මත් නෙවෙයි නලින් අයියෙ...:)

      Delete
  2. මේ මොකද සාජානි, අද පෝය දවසෙ?

    ReplyDelete
  3. //වෙඩි තියන්නෙ
    මූණිස්සම් වචනවලින්..\\

    හාපෝයි...කවි හිතක් කොහොමැයි මේ හැටි දරුණු උනේ...??

    ReplyDelete