Sunday, June 9, 2013

මතකයි ද නුඹට තව..














මතකයිද නුඹට තව

කොයි තරම් අපූරුද
ඒ පුංචි කතා පොත

නමක් නැති නිසාවෙන්
මුල පිටුව හිස් තියපු -
හිස් කමට අකමැතිව
අපි අපේ නම් ලියපු

පෙරවදන පිරෙන්නට
නෙතු කොනේ 
බැලුම් ලූ
වචන ගණනක් ලියපු

පිදුම ගැන සටහනක්
අවසනට ලියන්නට
ඉඩ තියපු
එහෙයින්ම කෙදිනවත් 
නොලියවුණු

ඒ පුංචි කතා පොත

පාසලේ - පන්තියේ
බස් රියේ - මග තොටේ
කතා නොකරම අපි
කතා බහ කරපු හැටි
පළමු දෙවන පිටුවල
හැඩ දමා ලියවුණු

පරිච්ඡේද ගණනක
දෙබස් ගණනක් ලියපු
වචන ගණනක විවරණ -
පාද සටහන් තියපු

පටන් ගැන්මම වැරදුණු
එනයින් අවුල් ජාලයක්ව
එක ඉරෙන් කපා හැර
අවසනක් නොදැකම
අවසන් කරපු
ඒ පුංචි කතා පොත

කතෘ හිමිකම් සුරකින්න
අපි අපිට සපථ වුණු
එහෙයින්ම රහසක්ව
පෙර දිනෙක වළ දැමුණු
කොයි තරම් අපූරු ද
ඒ පුංචි කතා පොත

මතකයි ද නුඹට තව..



8 comments:

  1. මතක නැතෝ...............

    ReplyDelete
  2. ලස්සණට ගළපලා :)

    ReplyDelete
  3. සැමරුම් පොතක් ගැනද කියන්නේ....?

    ReplyDelete
    Replies
    1. ම්...ජීවිතේ සැමරුම් පොත මනෝජ්...:)

      Delete
  4. කතෘ හිමිකම් සුරකින්න කියලා පාථකයන්ව අමාරුවෙ දාන්න හොඳා නෑනේ :(

    ReplyDelete
    Replies
    1. :) හයියො මට උත්තර නෑ යසිත් ඒකට නම්....

      Delete