Thursday, June 6, 2013

මට ළං වෙන නුඹට...



සද එළිය හෙමි හෙමින් ගලන හැටි අපූරුයි
මා ළගට නුඹ එදා ආවෙ ඒ වගේමයි
හොර හොරෙන් මගෙ හිතට ආවැඩුවෙ නුඹ තමයි
ලෝබ නැති හිතෙන් මම විද ගත්තෙ ඒ නිසයි

කාරි නෑ මා එක්ක 
තරහ ගන්නට ඔන්න
කියලා හිටියොත් හොදයි
කියලා හිතුනා මෙහෙම

ජීවිතේ ගමන් මග මට තවත් බෝ දුරයි
දහස් මල් පිපෙනවා මගේ ළග හරි හැඩයි
නුඹ වගෙම උන් ළගත් සුවද හරි අපූරුයි
හිත ගියොත් ඒ හැඩත් මගේ කවියක එතෙයි

මල් සුවද අරන් මම
අතාරිනවා නෙවෙයි
කිසිදාක අහිතකින්
සැලකුවා හෙම නෙවෙයි

ඉන්න ඔය වාගේම හිනාවෙන් පැත්තකින්
ගන්න හිත ගිය දිනෙක වෙනකෙකුගෙ අත හෙමින්
සින්න කර ගන්න මට හිතක් නම් නෑ ඉතින්
ඔන්න නුඹ දුකක් නම් ගන්නෙපා කදුලකින්...



10 comments:

  1. මල් දහක් හිත මත්තෙ ඉහිරුවන කවියක්
    මේ සිතුම් පිපෙන ඔය හිතත් හැඩ කවියක්

    ReplyDelete
  2. කොහොමද සජානි මේ තරම් ලස්සනට ලියන්නේ...?
    අර උඩ තියෙන චිත්‍රය ඇන්දේත් ඔයාද....?
    හරිම ලස්සනයි එකත්....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝජ්...:)
      ම්...නෑ ඒක මං නෙවෙයි ඇන්දෙ..අන්තර්ජාලයෙන්...:)

      Delete
  3. "මල් සුවද අරන් මම
    අතාරිනවා නෙවෙයි"

    දැන් නම් මෙහෙම අය අඩුයි කියලා හිතෙනවා

    ReplyDelete
  4. ගොට් ඉට්....
    ලස්සනයි සජා. ;)

    ReplyDelete
  5. ගොඩක් ස්තුතියි රන්දු...:)

    ReplyDelete
  6. නෙත ගැටුනු දා පටන්
    රහසින් නුඹෙම සිත පතන්
    එක් කලා මතක සැමරුම්
    සිතින් ස්නේහයෙන්

    නුඹ අහිමි වන සිතුම්
    සිත පෙලන කල බියෙන්
    නොහඬන්න කියනු ඇයි
    ඇහැට ඇන ඇඟිල්ලෙන්

    කොච්චර වැඩ තිබුනත් උත්තරයක් දෙන්නම හිතුන :p ;)

    ReplyDelete
    Replies
    1. පිළිතුර හැඩයි... ස්තුතියි ඉසුරු...:)

      Delete