Tuesday, August 6, 2013

ජින්නා



ඡන්ද කාලෙට
පෝස්ටර් අලවන
ජින්නා,
හොද වෙලාවට
ලොකු මහත්තුරු
දැක්කෙ නැත්තෙ උඹව..

ඊයෙ දහයෙ කොළවලට
අලවපු පෝස්ටර්
උඩ
අලුත් පෝස්ටර්
ගැහුවෙත්
උඹමයි කියලා
දැන ගත්තා නම්
පාත තැනින් ගලං යනව වතුර
ස්ථිරයි...

තියාපන් ඔය පාද
හීනියට - සීරුවට
අතුරෙ යනවා වගෙයි
ජීවිතය
පරෙස්සම් වෙයන්
උඹ
ලිස්සුවොත් එක වරක්වත්
වාරු නැති වෙයි හැමදාටමත්...



10 comments:

  1. මේවගේ ජින්නලා සල්ලි අතට ලැබෙනවානම් ඕනි වැඩක් කරන්නේ ඕනි දුකක් විදින්නේ පොඩි උන්ගේ කුස පුරවන්න වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් පොඩ්ඩා...
      සාදරයෙන් පිළිගන්නවා ඔයාව.:)

      Delete
  2. අපි නොදකින ජින්නා....

    ReplyDelete
  3. මේ දවස් වල තමයි ජින්නාලගේත් ගෙවල් වල බතක් වත් ඉදෙන්නේ. ඉතිං උන්ටත් හිතෙනවා ඇති කල දුටු කල වල ඉහ ගන්න

    ReplyDelete
  4. සිරාවටම උන්ට කලදුටුකල වල ඉහ ගන්න හිතෙන එක වරදිමත් නෑ නේද ?
    පරිස්සම් වෙලා ඔන්නොහෙ ඉහගත්තාවේ . හිහිහිහිහ්

    ReplyDelete
    Replies
    1. පරිස්සමට පුළුවන් නම් කොයි තරම් හොදද වයලීනෝ...

      Delete
  5. මොනා උනත් කාලීනයී පෝස්ට් එක

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා තිලංග මේ පැත්තට..

      Delete