Friday, July 26, 2013

රාජෝ හරණං..!!













 

අනේ කුහුඹුවනේ
තොපට ඇති රජෙක් නැත්තේ
අපිට නම් ඉන්නේ
බොහෝ සතුටිනි කල් ගෙවන්නේ

අහස් පාලම් තියෙන්නේ
අධි වේගයෙනි යන්නේ
ගොඩනැගිලි ඉදි වෙන්නේ
ආශ්වර්යට ළගා වෙන්නේ

එළවළු වැවෙන්නේ
ගොවිතැන් සාර වෙන්නේ
වතුර නෑ හිග වෙන්නේ
බලා ඉද්දිම ගම නැගෙන්නේ

ප්‍රතිපල හොදට දෙන්නේ
හැම දෙන පාස් වෙන්නේ
කැම්පස් සැවොම ගන්නේ
විභාගෙට නෑ බයක් වෙන්නේ

මහ පොළ ලැබෙන්නේ
මාසෙටම සෑහෙන්නේ
තව ඉතුරු වෙන්නේ
ගෙදරටත් කොටහක් යවන්නේ

දවස් නෑ යන්නේ
උපාධිය ගන්නේ
ජොබ් එක අතට දෙන්නේ
වැටුප දින දින වැඩි කරන්නේ

කලාවට පෙම් බදින්නේ
හෝල් තව තව තනන්නේ
අඩුවට ටිකට් දෙන්නේ
නෙළුම් පොකුණෙනි අපි නාන්නේ

යහ ගුණ වැඩෙන්නේ
හිනාවෙන් කල් ගෙවන්නේ
පවු පල නෑ ඇහෙන්නේ
සතුටටයි මැරුණොත් මැරෙන්නේ...!!


15 comments:

  1. කව් පද ලියන්නේ
    උදහසට ලක්වන්නේ
    මොකද බං කොරන්නේ
    අස්ස මුල්ලක හැංගියන්නේ

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ ලස්සනට ගොතලා

      Delete
    2. අටම් අයියගෙ කවි නියමයි...

      Delete
  2. මොනවා කරන්නද? අපිත් අපේ තියන කරුමෙකටද කොහෙද මේවාට ඇවිත් දැන් ඉන්නවා.

    ReplyDelete
  3. මොකද්ද මේ රාජෝ හරනං කියන්නෙ

    ReplyDelete
    Replies
    1. ම්.. එක එක විදියට හිතුවහැකි යාලුවා...

      Delete
  4. හා,හා මරු ප්‍රශ්තිය සජානි.
    නියමෙට නියමයි.එකම රාමුවක් තුල කොටු නොවී මෙහෙම ලියන්නකෝ.
    කෝකටත් පරිසමින් ඈ..)

    ReplyDelete
    Replies
    1. බලමු මෙහෙමවත් job එකක් හොයා ගන්න.. නේද මනෝජ්..:D

      Delete
  5. මාතෘකාව තමා මාතෘකාව,චුල්ලපන්ථක හාමුදුරුවො ගැන කියවන්න ආවෙ.. කවිය බැලුවහමනේ තේරුණේ....)))

    හැබැයි කොච්චර වුණත් පරිස්සමින්!!!!

    ReplyDelete
  6. කවි නම් ලියන්න බෑ මෙ සින්දුව මතක් උනා
    දන්සල් දොරෙහි නෑත දුගියො
    සල්පිල්වලය පුරවෑසියො
    පන්සිල් රකිති මෑරවරයො
    මෙ කෙතුමති නුවරයි//

    ReplyDelete
    Replies
    1. මේ කේතුමතී නුවරයි..!! හ්ම්ම්..

      Delete
  7. හෝ හෝ බලාගෙන කාට හරි ඇහෙයි :-o

    ReplyDelete