ජින්නා
ඡන්ද කාලෙට
පෝස්ටර් අලවන
ජින්නා,
හොද වෙලාවට
ලොකු මහත්තුරු
දැක්කෙ නැත්තෙ උඹව..
ඊයෙ දහයෙ කොළවලට
අලවපු පෝස්ටර්
උඩ
අලුත් පෝස්ටර්
ගැහුවෙත්
උඹමයි කියලා
දැන ගත්තා නම්
පාත තැනින් ගලං යනව වතුර
ස්ථිරයි...
තියාපන් ඔය පාද
හීනියට - සීරුවට
අතුරෙ යනවා වගෙයි
ජීවිතය
පරෙස්සම් වෙයන්
උඹ
ලිස්සුවොත් එක වරක්වත්
වාරු නැති වෙයි හැමදාටමත්...
මේවගේ ජින්නලා සල්ලි අතට ලැබෙනවානම් ඕනි වැඩක් කරන්නේ ඕනි දුකක් විදින්නේ පොඩි උන්ගේ කුස පුරවන්න වෙන්න ඇති.
ReplyDeleteහ්ම්ම් පොඩ්ඩා...
Deleteසාදරයෙන් පිළිගන්නවා ඔයාව.:)
අපි නොදකින ජින්නා....
ReplyDeleteහ්ම්ම් දමිත්...
Deleteමේ දවස් වල තමයි ජින්නාලගේත් ගෙවල් වල බතක් වත් ඉදෙන්නේ. ඉතිං උන්ටත් හිතෙනවා ඇති කල දුටු කල වල ඉහ ගන්න
ReplyDeleteඅහිංසක ජීවිත...
Deleteසිරාවටම උන්ට කලදුටුකල වල ඉහ ගන්න හිතෙන එක වරදිමත් නෑ නේද ?
ReplyDeleteපරිස්සම් වෙලා ඔන්නොහෙ ඉහගත්තාවේ . හිහිහිහිහ්
පරිස්සමට පුළුවන් නම් කොයි තරම් හොදද වයලීනෝ...
Deleteමොනා උනත් කාලීනයී පෝස්ට් එක
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා තිලංග මේ පැත්තට..
Delete