Tuesday, October 22, 2013

රිදෙනවා පපුවට සැරටම..














කලකට ඉහත අත් දෙක වෙන්       වුණාදෝ
හිත යට පිපුණ මල් පෙති පර        නොවීදෝ
හිතටත් හොරා අත් දෙඅතක            බැදීදෝ
සින්නක්කරව ඉවතට විසි              වුණාදෝ

විදින කොට ඇස් දෙකෙන් - රිදුණු හිත
රිදෙනවා පපුවට සැරටම
ඇහැට ඇහැ මුණ ගැහෙන කොට
දැනෙනවා නේද ඒ බව

ගොතනවා තාම මේ හිත
සින්ඩිගේ කතන්දර
කලින් වගෙමයි මගෙ හිත
රහට - විරහවට දෙකටම

ඇස් සතරක් හමු වෙන වාරෙක
දන්නවා මම හිනැහෙන්න බැරි කාරණ
කොයි තරම් දැඩි කළත් හිත - හිත
බර වැඩි නේද තවමත් කදුලු කැට

දිලිසෙන කොට අහසෙ තරු කැට
හද ළගින් මැවෙන ඔය නෙත
හිනාවක් නැතුව හිර වෙන කොට
කැතයි මට ජීවිතේ ඒ තරමට

ගොතන කොට හිත කයි කතන්දර
නුඹ ගැනත් අහනවා හරියට
කියන්නට දෙයක් නැති කොට
ඔහු තමයි ඉන්නේ සහයට
හැමදාම වගේ ලස්සනට
ගොතනවා හේතු හරියට
සම සමයි ඒ හිතත් දැන් මට
ඒ නිසයි දැනෙන්නෙත් ආදරය...


9 comments:

  1. ආදරය දැනෙන එක හොද දෙයක්...

    ReplyDelete
  2. හ්ම් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බොරලුගොඩ මහත්තයෝ...

      Delete
  3. ඇත්තටම ලස්සනයි ගොඩක් ඔව් ගොඩක් ගොඩක් ..... හිතට දැනෙනවා නැති වෙන්නම ........ සුපිරි

    ReplyDelete
  4. ආදරේ කරපු කෙනාගෙන් ඈත්වෙලා ආගන්තුකයෙක් එක්ක ජීවත් වෙන්න වෙලා වගෙයි කවිය කියෙව්වම මට හිතුණේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ආගන්තුක හිතත් ගොඩක් ලස්සනයි රෙහානි අක්කා...

      Delete