Monday, November 18, 2013

දවසක හමුවෙමු - හමුවී හිනැහෙමු - හිනැහී වැළපෙමු - අපි ආයේ...

 9

"බනිනවා යාළුවෝ හොදටම"

"මොකටද?"

"ඔයාව හම්බ වෙනවට..."

"මටත්.."

"මම දන්නවා..."

"අපිට ඒ කාලෙත් කවුරුවත් හිටියෙ නෑ.. "

"අදත් නැහැ.."

"යාළුවො හැමදාම කරන්නෙ බනින එක විතරයි..අපි දෙන්නා විතරයි හැමදාම.."

"හ්ම්ම්..වැරැද්දක් කරන්නෙ අපි..."

"කවුරුවත් සමාව දෙන එකක් නෑ..ඒ දෙන්නවත් සමාව දෙන එකක් නෑ..."

"අපි අපිට සමාව දී ගමු.."

               -හොදටෝම හිනා අපිට-

"යන්න කලින් එක දෙයක්.."

"ම්ම්..?"

"පොරොන්දු වෙන්න.."

"මොකක්ද?"

"ආයෙම හම්බ වෙනවා කියලා.."

"කවදද?"

"ලබන ආත්මේ.."

"පොරොන්දු වෙනවා.."

"ඔහොම බෑ.. මෙහෙම ඉදුල් අත උඩින් ඔය ඉදුල් අත තියලා.."

"ඔයාට නම් පිස්සු.."

"ආයෙම බත් කටක් කවන්න එනකම් බලන් ඉන්නවා.."

"මම එනවා.."

"පොරොන්දු කැඩුවොත් පවු.."

"ඔයා දන්නවනෙ මගෙ පොරොන්දු රැකිල්ල.."

-හොදටෝම හිනා අපිට-



5 comments:

  1. හරීම ප්‍රේමණීයයි :)

    ReplyDelete
  2. Hmmm... Mm okkoma tika kiyewwa aththatama harima hagim barai a....

    Mata hithenne meka asammatha pramayak wage ne...
    Dennama kasada bandalada wage ne....

    ReplyDelete
  3. අද තමයි ඔන්න කියෙව්වේ මේක . හම්මූඌඌඌඌඌඌඌ
    ලැජ්ජයි වගේ . ඒත් ෂෝයි ආ ...

    ReplyDelete
    Replies
    1. :) සැජ්ජා වෙන්න දෙයක් නෑ..18 පැනලා නේ...?

      Delete