Tuesday, June 3, 2014

වැහැපන් දිමිටි වතුරම...!

                     දැන් - දැන්

                         ද්    ද  -  ප
                රෙ                         ලා
         ඩ                                        ගෙ    
  කු                හිස් ගෙඩි මතට                න
                     වැටෙතැයි සිතෙන
                     මොර ගෙඩි

                    
                     හදවතත්  උ  ගු  ළු
                                                  වා
                                                ග
                                             න්
                                          න     
                                            ත  ත න න
                                            මොර ගෙඩි
                                            විසි කරන
                                            හුළං පොදි
_____________________

අහසක් පැලුව වැහි යට
අතකින් ඔලුව වහ ගෙන
වහලක් හොයන් දිව යන
හිස් පෙගුණ දැඩි පිරිමි ය

ඇදි වත ඇරන් දුර යන
හීතල - ගැහෙන පිනි මැද
නැවෙන - තෙරපෙන කුඩ යට
තෙත බරිත වුණ ගැහැනු ය

දෙදණක් උසය වට දිය
කාණු ඉස'ගින් දිව යන
ගගක් නැතිවත්  "ගං දිය"
ගලන හැටි මහ පුදුම ය

අක් වැහි - අසෙනි වැහි යට
දියබත් පොළව මතුපිට
දලුලා හෙමින් නැගැ එන
පීදෙන පුංචි මලෙකි ය

කාටත් පළමු - වහළෙක
තැනක් අල්ලන හිත මිස
පීදෙන පුංචි මල ළග
කිසි ඇසක් නැත දැවටෙන

අනාගත යම් දිනයෙක
ඒ පුංචි සරු දලුපත
මහ ගසක් වන තුරුවම
වැහැපන් දිමිටි වතුරම...!
                   
                                          

12 comments:

  1. පද වැල සුන්දරයි , රිද්මයත් වැස්ස වගේ කියල හිතෙනවා .
    ස්තුතියි :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මහේෂ්...

      Delete
  2. මට එකවරම මතක්වුණේ මහගම සේකරයන් විසින් 60 දශකයීදී හඳුන්වාදුන් නිසඳැස් ශෛලිය. ඔබ කියවා ඇති ඔහුගේ නිර්මාණයක් වන 'කුසලානේ ලූ මිදියුෂ ඒ කුසලානේ හැඩය ගනී. කුසලානේ ලූ විෂ වුව ඒ කුසලානේ හැඩය ගනී' කියන නිසඳැස් කවිය.

    ඔබේ මේ නිර්මාණය බොහොම අගය කරනවා. දිගටම ලියන්න. විවිධ මාතෘකා වලට යන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි යාලුවා...

      Delete
  3. අක් වැහි - අසෙනි වැහි යට
    හැම කටේ කුනු බැනුමය
    එහෙව් වැස්සක අරුමය
    කොහොම දෙනවද මෙවන් කවි සිත ....

    ReplyDelete
    Replies
    1. :D ගොඩක් ස්තුතියි අයියා...

      Delete
  4. ඇද වැටෙන වැහි දිය
    ගලන විට මාවතද යට කර
    තෙමෙන විට මුළු ගතද
    කොහොම උපදීද කවි
    නොහැගේ මට කිසිම මොහොතක.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තුතියි මනෝජ්...

      Delete
  5. මේ කව කියවද්දී මට මතකෙට ආවේ කේ කේ සමන් කුමාර නොහොත් සර්පයාව. රටාව ඔහුගේ ම රටාවයි. හැබැට කොහොමද අර අකුරු ටික මේ විදියට ගත්තේ.

    ReplyDelete
    Replies
    1. :D :) ගොඩක් ස්තුතියි අදහස්වලට...

      Delete
  6. නව ආරක් දුටිමි.අගයමි.

    ReplyDelete
  7. හහා... ශෝයි කුඩේ සජානි. අකුරු වැස්සට තෙමි තෙමි, අකුරු කුඩේ යටින් ඇවිදගෙන ගියා.

    ReplyDelete