Saturday, July 12, 2014

යසෝදරාවක වන්නට නොහැක මට..

 

















ඉවුරේ කොනක ඔරු කද මත වාඩි ගෙන
පින්සර මුවේ හසරැල්ලක් තබා ගෙන
නිශ්චල නෙතින් දුර ඈතක බලා ගෙන
හිමියනි කොහේ යන්නද මේ උදෑසන

වනේ ඉන්න රුදු සතුරන් දුරස් වන
මනෝ රම්‍ය ඔය හිතමය නවාතැන
පෙමක් තිබෙයි මේ භවයෙත් සනාතන
සිනාවෙන්න මා දෙස නෙත් විදා ගෙන

හිත යට පුංචි රිදුමක් වෙද කියාපන්
නළලත සියුම් රැළි මා ළග ලිහාපන්
මෙගොඩහ ඉමේ මා තනිවම නොලාපන්
එගොඩට නොයම් යයි දිවුරා කියාපන්....!



21 comments:

  1. ලස්සන කවි පන්තිය.යසෝදරාවක් නොවුණත් පුංචි සැකයක් හිතේ ඇතිවෙලා තියෙන හැඩයි ආදරණිය බිරින්දෑගෙ හදවතට

    ReplyDelete
  2. Replies
    1. :D :D තනි වචනෙට ඔක්කොම දැම්මා නෙහ්....!

      Delete
  3. තමන්ගෙ සැමියගෙ පුංචි වෙනසක් වුණත් තේරෙන එක්තරා ගැහැණියක්.....ලස්සන පැදි පෙළ

    ReplyDelete
  4. හොද පැදිපෙලක්

    මට පැටලෙනවනේ මේ බ්ලොග් එකයි අර පවුල් සංස්ථාවේ සුදු කලු එකයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අටම් අයියෙ...:) :)
      හ්ම්ම්...නම දාන්න කලින් හොයලා බැලුවෙ නැති එකේ විපාක...:/ :/

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පිස්සුවක් ඇතෑ එහෙම කරන්න..මේක කළු සුදු.. ඔහේගේ එක කලු සහ සුදු...

      Delete
    2. සජානි ඔයාට බොහොම කලින් මේක ලියන්න ගත්තේ වාසනා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. මම නම දාන්න කලින් හොයලා බැලුවෙ නෑ වාසනා... හොයලා බැලුවා නම් මේ නම නොදා ඉන්නවා..
      ඒත් දැන් මේකත් පටන් අරන් ගොඩක් කල් නේ..? මම නම වෙනස් කරන එක හරි නෑ නේද.. මගෙ යාලුවන්ට දුන්න අනන්‍යතාව නැති වෙනවනෙ එතකොට...
      කොහොම වුණත් නම් දෙක සමානම නෑනෙ... :)
      බ්ලොග් පැටලුනත් කවි පැටලෙන් නෑනෙ අපේ....

      Delete
  6. සිතුවත් ඔරුකද පැදයන්න ඒ මත නැගලා
    නොහැකිව තවම ඉමි ඉවුරේ නැවතිලා
    මඟ හැර යන්නේ කොහොමද ඔබ මඟ දාලා
    යන මඟ එකට යමු අත්වැල් පටලලා

    ReplyDelete
    Replies
    1. හැමදාම කවියෙන් උත්තර...!
      ස්තුතියි මනෝ අපූරු කවිකම් මා වෙනුවෙන් වැය කරනවට...:) :)

      Delete
  7. අපූරු බ්ලොග් අඩවියක්. ඔයාගෙ කවි හරි රහයි

    ReplyDelete
  8. හරිම සුන්දරයි සජානි. පොඩි පසුතැවිල්ලක් වෙලා වගේ රූපයටම ගැලපෙනවා.

    ReplyDelete