Monday, July 28, 2014


නිමිත්ත - මගේ පෞද්ගලික අත්දැකීම අනුව රත්නපුර මහ රෝහල යනු තම රෝගීන් අවසන් අඩිය වන තුරුත් වෙනත් රෝහලකට මාරු කර නොයවන තැනකි. පසුගියදා දේශපාලනඥයෙකු සම්බන්ධයෙන් එය ක්‍රියා කරනු ලැබුයේ ඊට හාත්පසින් වෙනස් ආකාරයකටය..

අහසත් බෙදන්නේ වැහි බිදු මැනලාය
සතියක් වුණත් ඉන්නේ උස් තැන්වලය
වතුරක් නැතුව වියලුණ බිම් දැක දැකම
ගැලුවත් ගලන්නේ ගං දිය මුහුදටය

කට රැක ගන්න දත විකුණන ලොක්කන්ය
රට තුළ සියලු සැප ආමිස ඔහුටමය
කුලියට ජීවිතය විකුණන මහතුන්ය
බෙහෙතක් වුණත් උන් ළගදී විරසකය

කකුලක් සීරිලා ගොඩ වුණ ලොකු තැනෙක
පැයකින් අගනුවර ඉහළම රෝහලෙක -
එතැනම ඇදක් උඩ සතියක් පණ ඇද්ද
සිවු දෙනෙකුගේ අප්පච්චී මියැදුණිය...













7 comments:

  1. හ්ම්ම් හ්ම්ම්ම්

    ReplyDelete
  2. මේ ලංකාවනේ ඒකයි.

    ReplyDelete
  3. අඩේ මට හිතුනෙත් ඕකමයි අප්පා (මේ ලංකාවනේ ඒකයි.)

    ReplyDelete
  4. මේ වගේ දේවල් නිමිත්ත කර ගත්තොත් හැමදාම ලියන්න පුළුවන් වේවි මදි නොකියන්න සජාට ..:D

    ReplyDelete
  5. රත්නපුර මහා රෝහලද ? කියන්න ගියොත් මගේ ලේ කෝප වෙනවා...

    සහතික ඇත්ත

    ReplyDelete