Friday, October 19, 2012

නමක් නැති හිතක්..2

(නමක් නැති හිතක් 1 හා සබැ‍ඳේ)

                     ................වෙරළට වෙලා රැයක් පුරා ඉන්න කොටයි දැණුනෙ එතන තිබුණ පාළු ගතිය. දවල් දවසෙයි හවස් වරුවෙයි වැල්ලෙ ගෑවිලා තිබුණ සුදු පාට, තැඹිලි පාට හොරු ගෙනිහින් ‍වගේ. දැන් තියෙන්නෙ මූසල කමට පිටාර දාන කළු පාටත් එක්ක හා වුණ කහ පාටක්. හරි හමන් ගහකට වැලකට පණ දෙන්නවත් ඒ බිමට හයියක් නෑ. තෙත බරියං වෙලා ඕජස් ගලන ඇහැටවත් පේන්නෙ නැති තරම් ඇබිලිත්තන් වැලි කැට ගොන්නක් විතරයි තියෙන්නෙ. වතුර ඇවිත් වෙරළෙ වදින්නෙ බෙල්ල මිරිකන කොට මර ලතෝනි දෙනවා ‍වගේ. කකුල් දෙක වැල්ලෙන් යටට ඇදෙන්නෙ රාක්සයෙක් කකුලෙන් අල්ලලා පොළව මැද්දට ඇඳගෙන යන්න හදනවා වගෙයි.
                                                                             මොකක්දෝ අඩුවක් දැනුනා.....


                                                                                                   වෙන මොකවත් නෙවෙයි දවස පුරාම වෙරළෙ තිබුණ හිනා හඬවල්... කිරි කැටි දරුවෙක් මුහුද දැකලා අත්පුඩි තලන සද්දෙ... ළපටියෙක් බිමට බැහැලා අප්පච්චිගෙ අතේ එල්ලිලා මුහුද අද්දරට වෙලා හුරතල් වෙන අතරෙ හදිස්සියෙම ආපු රැල්ලකට තෙමිලා අම්මගෙ මූණ බලලා සීරුවට හිනා වෙන සද්දෙ... පෙම්වතුන්, පෙම්වතියන් වෙරළ අද්දර ගල් බැම්මක වාඩි වෙලා එකිනෙකාට විතරක් ඇහෙන තරමට හෙමින් මුමුණන සද්දෙ... වෙරළ යි මුහුද යි ලස්සන කළේ ඒ හිනා හඬවල්.. වෙරළ පුරා කරක් ගහපු කන් දෙක යි, ඇස් දෙක යි ඒ හඬවල් උරා ගෙන ඔළුව ඇතුලෙ දෝංකාර දෙවනවා වගේ.
                                                                හදවත ඒ හිනා හඬවලට පෙම් බඳින්න පටන් ගත්තා. දේදුන්නෙ පාට හත අරන් සායම් කවපු මිනිස්සුන්ගෙ ලෝකෙ විඳින්න පටන් ගත්තා. සොබා ලෝකෙ ලස්සන වුණේ හිනා වෙන, කතා කරන ඇස් හන්දා. මුහුදෙ ඉමක් නොපෙනෙන ගැඹුරයි ඒ ගැඹුර මතින් දෝරෙ ගලන සුන්දරත්‍වයයි මනුස්ස හදවත්වල අගේට ‍කොටලා තියෙනවා. මූසල ගතියක්වත් පාළු ගතියක්වත් එතන තිබුණෙ නැහැ.
                                                                                     සමාවෙලා මම මුලින් ලියපු වැකියක් නිවැරදි කරන්න ඉඩ දෙන්න. පුංචි කාලෙ ආදරේ කළේ මුහුදටවත් රැල්ල පාගන්නවත් නෙවයි. අම්මගෙ අතේ එල්ලිලා මුහුද ගාවට යන කොට දැනුන විශ්වාසෙට යි.., වැල්ලෙ ඇවිදින කොට එරුණත්, වැටුණත් ආයෙම නැඟිටින්න දිරි දෙන්න ආදරණීය ම දෑතක් ඉස්සරහට එනවා කියලා දකින කොට දැනුන හැඟීමට යි.., හිනා මූණුවලින් පෙඟිලා තෙත් වුණ හුළඟටයි.., මුහුදෙයි වෙරළෙයි ඇස් මානෙ පේන නොපෙනෙන හැම දේකමයි හිනාව තවරන මිනිස්සුන්ට යි.., මුහුදු රැල්ල වෙරළෙ හැපෙන සද්දෙට කලවම් වුණු දෝරෙ ගලන සතුටට යි.......
                                













14 comments:

  1. මුහුදට වගේම මුහුදු වෙරලට කෑ ගහන,දඟලන මිනිස්සු සුන්දරතවයක් එකතු කරනවා වගේම.කවුරුවත්ම නැති පාලු හුදෙකලා වෙරලත් සුන්දරයි කියලා හිතෙන්නෙ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළුවාගෙ අදහසට.!! ම්.. ඔව් එහෙම හිතෙන් නැත්තෙ නෑ..

      Delete
    2. Please remove the comment verifications.Try settings>comments..

      Delete
    3. yeah Please remove the comment verifications....

      Delete
  2. පෙම් බැන්දට
    ඔය හඬවල් වලට,
    ඉර හඳ වගේ විශ්වාසයි
    නිහඬ වන බව කවද නමුත්...
    අන්න එදාට,
    ඉවසන්න බැරි වේවි
    අදහන්න බැරි වේවි
    පෙම් බැන්දෙ
    මායාවකට බව...

    දිනෙක යම්
    හැකි නම්
    පෙම් බදින්න නිහඬ බවට..
    වැටහේවි,
    මූසලයි කියපු ඒ නිහඩ බව
    සුන්දරද කියල
    මොන තරම් නම්..
    -හැමදාම
    නිහඬ බවට පෙම් බදින මං

    ReplyDelete
    Replies
    1. සොදුරු බව දකින්නේ
      නුඹ නුඹේ ඇසින් නම්
      සොදුරු බව විදින්නේ
      නුඹ නුඹේ සිතින් නම්
      කෙලෙස නම් පිළිගම් ද
      බිදෙන මායාවකැ යි -
      නුඹ ලැබූ මිනිස් බව..

      නොමැති දින සිනා හඩ
      මිහිතලය වැලපේවි -
      ඇගෙ රුසිරු මවන්නට
      ඇගෙ රුසිරු විදින්නට
      කිසිවෙකුත් නැත කියා..

      නුඹ පතන සොදුරු බව
      රැදේවිද එවන් ලොව
      මිහිතලය හැඩ කරන
      මිහි මවගෙ දූ පුතුන්
      මිය නොයයි කිසි ‍දිනෙක..

      සතුරු හිත මතු නොකර
      සතුට රජ කරනකම්
      මනුලොවත් දෙව් ලොවකි
      මිනිස්කම රැදෙනකම්..

      Delete
    2. මිතුරු කම් කරන්නෙත්
      සතුරුකම් කරන්නෙත්
      හිනාවක් මුව අගේ
      රඳවගෙන නොවැ අනේ..

      හිනා හඬ නැති උනත්
      නිහඬ බව අගයමින්
      සොඳුරු සිත් ඇත්තවුන්
      මිහිතලය සනහාවි….

      සිනහවක් තුල තියන
      මායාව නොදකින්නෙ,
      නිහඬ බව තුල තියන
      ගැඹුරු බව නොදකින්නෙ,
      ඇයිද නුඹ මායාව
      පසුපසම එලවන්නෙ?

      මහ රෑ මැදියමට
      අවදි වී බලනු මැන
      විශ්වයම මොන තරම්
      සොඳුරු දැයි වැටහේවි……........... :)

      Delete
    3. nice work යාළුවා..පබදිමු ද මේකටත් පිළිතුරක්..

      නිහඩ බව තුළ වුව ද
      රුදුරු බව සැගව ඇත
      මා කියූ සිනා හඩ
      හැගීම් බර ලොව ගැනය

      මිනිස් ලොව හා කෙරුන
      සොබා දහමයි සොදුරු
      මිනිස් දම සොබා දම
      නිෂ්පලය වෙන් කෙරුණු

      මහ රැයේ නිසල බව
      වින්දෙමිය හරි රසට
      නිකම් නොව මහ සයුර
      අසල හිද තනිවමය

      රැසක් මැද තනිකමට
      සිතක් කැමති වගෙම
      තනි සිතට මිනිස් ලොව
      මහත් මිහිරකි සොයුර

      සැළකිය යුතුයි : රචිකාවිය සහ කථකයා ඒකාත්මික කොට නොසලකන්න. ලියමනට 'නමක් නැති සිතක්' ලෙස නම යෙදුවේ එම සිතට සැබෑ අයිතිකරුවෙකු නැති බව ද තවත් බො‍හෝ කරුණු ද (එම කරුණු සිතා ගැනීම කියවන ඔබට බාරය) සලකමිනි.

      Delete
    4. නිහඬ බව තුල උවත්
      හැඟුම් ඇත දහසකුත්
      යම් දිනක කොයි නමුත්
      වැටහේවි ඒ බවත්….

      මිනිස් දම සොබා දම
      එක්ව නැති හැම විටම
      නිෂ්පලයි ලෝකයම
      සොදුර ඒය දනිමි මම

      ඒහෙත් ඒ මිනිස් කම
      සිනහවෙන් මනින්නට
      වචනයෙන් මනින්නට
      නොහැකි බව නොදනීද?

      රැසක් මැද තනි කමට
      කැමති මම හැමදාම
      එහෙත් ඒ තනිකමට
      නමක් දිය නොහැක මට………………

      (මුහුදට ලස්සන එක් කරන්නෙ රැල්ල තමයි,
      ඒත් ඒ රැල්ලමනෙ විටෙක සුනාමියක් වෙන්නෙ..
      ඒත් මතක තියාගන්න,
      ගැඹුරු මුහුද සුනාමිදාටත් එහෙමමයි…... )

      රචිකාවිය සහ කථකයා ඒකාත්මික වුනා නම් ඕක ගොඩක් වෙනස් වේවි නේහ්... :)


      Delete
    5. හදෙහි කැඩපත - වතින්
      මනින්නට නොහැකි යැයි
      නුඹ කියන හැගුම් රැළ
      නිහඩ බව තුළ වුව ද
      කෙලෙස නම් මනින්න ද

      රවා ගත් දෙඇසකට
      ඔරව ගත් මුහුණතට
      කෙතෙක් බර සාර වුව
      කෙලෙස පෙම් බදින්න ද

      මවා ගත් ගැඹුර යට
      සිතුම් වැල් හිර කළ ද
      දිනක් ඒවිය නුඹ ද
      සිනහ සයුරක ගිලෙන -
      පැතුම් වැල් ඉතිරිලා
      සිත් යොතින් ලිහී යන

      (සුනාමිය හට ගන්නෙත් ගැඹුරු මුහුදෙම යි.මනුස්ස ජීවිත දහස් ගණනක් බිලි ගන්න සුනාමි රළක් හදලා මොනවත්ම වුණේ නෑ වගේ ගැඹුරු මුහුද නිහඩව බලා ඉන්න හැටිත් එක අතකින් අපූරුයි)

      පසු සටහන -

      බොහෝ තුති පුදමි මම
      රහයි නුඹෙ පද වැලම
      මිහිර වින්දා බොහොම

      නුඹ පතන නිහඩ බව
      තෙලි තුඩට රුවා ගෙන
      නිහඩ වෙමි දැනට මම
      ලියන නව ලිපියකින්
      යළිදු හමු වන අටින..

      Delete
    6. “රවා ගත් දෙඇසත්
      ඔරව ගත් මුහුණත්” කියන්නෙ
      හාත්පසින්ම මගෙ අදහසට වෙනස් දෙයක්
      හිනා වෙන්න මාත් කැමතියි…
      හදවතින්ම හිනාවෙන මිනිස්සු ගොඩක් වෙලාවට නිහඬයි කියලයි මම කියන්නෙ
      ඒ නිහඬ බව කියන්නෙ කතා නොකිරීම නෙවෙයි..
      ඊට වඩා ගැඹුරු දෙයක්….... :)

      ඇත්තටම හරිම රසවත්
      අපි කතා කරමු
      බොහෝ දේ
      ඉස්සරහට……..

      Delete
  3. නමක් නැති හිතක
    නිමක් නැති සිතුවිලි
    වරක් පෙම් බැඳි නම්
    තෙරක් නැති සයුරට

    දිනක් ඒවිය යලිත්
    පෙම් බඳින්නට ගැඹුරු සයුරට
    එ සිත තනි කොට
    ලොව හිනැහෙන විට

    ReplyDelete
    Replies
    1. හිතනවද උඹ,
      සලයි එක රැල්ලක්වත්,
      ගැඹුරු මහ මුහුද,
      උඹ වෙනුවෙන්?

      හිතනවද උඹ,
      නිමක් නැති සිතුවිලි,
      කොතෙක් ගැලුවත්,
      වැඩක් වේවිය කියා?

      Delete
    2. ලොව කුරිරු වූ කල
      සැඟව යන්නට
      අවැසි විය මට
      මිනිසත්කමත් හිනාවෙනු පෙනිනි
      සමච්චලයට
      එහෙව් මා වෙනුවෙන්
      සයුරු රැලි නම්
      කුමට හඬනුද..

      Delete