වැදුන සටනින් දිනුව වරදට
නියම වී ඇත
වසර සතරක
බරපතල වැඩ - සහිත සිර ගෙය..."
නිල්ල නුදුටුව පුරවරේගොඩනැගිලි අතරේ හිර වෙලා
විසි වසක් දුර කර තියන් ආ
හීන සේරම බොද වෙලා
දින ගනන් මෙහෙයට එළඹිලා
දියවරෙන් කුස ගිනි සතපවා
අම්මගේ බත් කට සිහි කරන්
කැන්ටිමේ දොර ළග ගොළු වෙලා
කළු ගැහුන රළු - අකුරු උඩ
යෞවනේ සිහිනය ඉහිරිලා
හිසට වඩමන උපාධිය ළග
ජීවිතය ඈතට ඉගිලිලා
පපුව හැංගුණ බෝඩිමේ - සිර මැදිරියේ
තනිවම නොදා
අනේ අම්මේ ඉන්න දෙන්නකො
නුඹේ සෙනෙහෙට ගුළි වෙලා..
තීන්දුව ලැබුන මුත්
ReplyDeleteතවමත් ක්රියාත්මක නොවුනු
අපේ ඳඩුවම..
(යන්න කලින්ම,යන්න කම්මැලි හිතුන..සිරා ආ ;) )
ස්තූතියි යාළුවා..
Deleteහරියටම අපේ කතාව!!
ReplyDeleteහ්ම්ම්...
Deleteඈතට ඇපල් ලගට පැපොල්.......
ReplyDeleteහි හි.. ඇත්ත තමයි..
Deleteසිර මැදිරියද, රජ මැදුරද දෙකම ඇත්තෙ නුඹේ සිත තුලමයි. බලනු සිව් වසර ගෙවුනු කල නික්මෙන්නට පැකිලෙන සැටි ඒ සිර ගෙදරින්........ { අත්දැකීමෙන් කියන්නෙ ;) }
ReplyDeleteහ්ම්ම්...හ්ම්ම්...
Deleteසිරා කථාව....ඒත් මොනා කරන්නද...??
ReplyDeleteජීවිතේ හැටි ඔහොමයි....
බලන්නකෝ මේක..
විස්මිත සඳ රූ
හ්ම්ම් රන්දු...යන්නම වෙනවා...
Deleteසාදරයෙන් පිළිගන්නවා ඔයාව...:)
බොක්කටම වැදුන එකනම්
ReplyDeleteසම්පූර්ණ ඇත්ත කථාව