Wednesday, November 14, 2012

"කදු ගණන් උස පොත් - කරන් වනපොත්
වැදුන සටනින් දිනුව වරදට
නියම වී ඇත
වසර සතරක 
බරපතල වැඩ - සහිත සිර ගෙය..."


නිල්ල නුදුටුව පුරවරේ
ගොඩනැගිලි අතරේ හිර වෙලා
විසි වසක් දුර කර තියන් ආ
හීන සේරම බොද ‍වෙලා

දින ගනන් මෙහෙයට එළඹිලා
දියවරෙන් කුස ගිනි සතපවා
අම්මගේ බත් කට සිහි කරන්
කැන්ටිමේ දොර ළග ගොළු වෙලා

කළු ගැහුන රළු - අකුරු උඩ
යෞවනේ සිහිනය ඉහිරිලා
හිසට වඩමන උපාධිය ළග
ජීවිතය ඈතට ඉගිලිලා

පපුව හැංගුණ බෝඩිමේ - සිර මැදිරියේ      
තනිවම නොදා
අනේ අම්මේ ඉන්න දෙන්නකො
නුඹේ සෙනෙහෙට ගුළි වෙලා..
                              

11 comments:

  1. තීන්දුව ලැබුන මුත්
    තවමත් ක්‍රියාත්මක නොවුනු
    අපේ ඳඩුවම..

    (යන්න කලින්ම,යන්න කම්මැලි හිතුන..සිරා ආ ;) )

    ReplyDelete
  2. හරියටම අපේ කතාව!!

    ReplyDelete
  3. ඈතට ඇපල් ලගට පැපොල්.......

    ReplyDelete
  4. සිර මැදිරියද, රජ මැදුරද දෙකම ඇත්තෙ නුඹේ සිත තුලමයි. බලනු සිව් වසර ගෙවුනු කල නික්මෙන්නට පැකිලෙන සැටි ඒ සිර ගෙදරින්........ { අත්දැකීමෙන් කියන්නෙ ;) }

    ReplyDelete
  5. සිරා කථාව....ඒත් මොනා කරන්නද...??
    ජීවිතේ හැටි ඔහොමයි....

    බලන්නකෝ මේක..

    විස්මිත සඳ රූ

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් රන්දු...යන්නම වෙනවා...
      සාදරයෙන් පිළිගන්නවා ඔයාව...:)

      Delete
  6. බොක්කටම වැදුන එකනම්
    සම්පූර්ණ ඇත්ත කථාව

    ReplyDelete