Wednesday, April 10, 2013

සදාදර යෝධයෝ...,


                                                   එදා නුඹ, නුඹ වටා
                                                 තාප්පය ගොඩ නගා 
                                                 හුගක් කල් ගත වෙලා...
මල් උයනෙ අයිතිකරු
සදාදර යෝධයෝ,

දැන් ඉතින් කාලෙ හරි 
මේ කුළුණු පෙරලන්න
නිදහසේ ගහ වැලට
පිපෙන්නට ඉඩ දෙන්න
හැමදාම එක වගේ
වියලි හිම නොවැටෙන්න
හිනාවට දොර ඇරන්
වසන්තය ගෙට ගන්න
දැන් ඉතින් කාලෙ හරි
වට පවුරු බිදලන්න..!

අපි තාම තාප්පෙන්
මෙහා අයිනට වෙලා
ඇගිලි ගනිනවා - නුඹට
මල් කැකුළු පූදන්න,
වසන්තය ගෙන එන්න..

                                 

20 comments:

  1. තාමත් තරහින්ද
    නුඹ ඉන්නෙ අප එක්ක
    එන්න දැං කාලෙ හරි
    මිතුදමින් වෙළෙන්නට

    මල් උයනෙ අයිතිකරු
    සදාදර යෝධයෝ,

    ReplyDelete
    Replies
    1. ම්....
      කොතෙක් කීවත්
      ඇසෙන පාටක් නෑ
      තවම....

      Delete
  2. කවදාක ඔය තාප්පය කඩන්න හැකිවෙයිද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....
      ගනිමු පොඩි වෑයමක්
      රැලේ පැටවුන් සමග....

      Delete
  3. එක රට දෙකට බෙදපු බාර්ලින් තප්පේ කැඩුවනම් යෝදයගේ තප්පේ මොකක්ද ?
    අනික මන් අහලා තියෙන්නේ ඔය කතවේ අන්තිමට යොදයම තාප්පේ කඩනවා කියලයි.

    ReplyDelete
    Replies
    1. පතමු අපි ඒ වගේ
      සොදුරු අවසානයක්.....

      Delete
  4. ඔව් නේද. අන්තිමට යෝධයම තාප්පේ කඩනවනේ

    ReplyDelete
  5. සමහර දේවල් කොතරම් නොහිමි යයි දැනුනත් ඒ හැගීම් අපි ආයාසයෙන් යටපත් කරගන්නවා...

    ReplyDelete
  6. එකින් එක ගලපමින්
    බැරි බැරිව තටමමින්
    කියවූ කල සොම්නසින්
    යලි මැවුණි නෙත් අගින්

    ReplyDelete
    Replies
    1. :) :)

      මේ පැත්තට අලුතෙන් වගෙයි....සාදරයෙන් පිලිගන්නවා පුමාව....

      Delete
  7. සැබැයි මා තාප්පය,
    ගොඩ නගා කලක් බව,
    ඉර එලිය නොපෙනෙන්න,
    කුරුලු ගී නොඇසෙන්න,
    හිම්හානෙ හැමදාම,
    මගේ තනියට ඉන්න..

    තාප්පය බිහි උනේ,
    කඳුලෙනුයි මගෙ ඇහේ,
    ලෝකය නිසා වැටුනු..

    නැත්තෙ නෑ ආසාව,
    වසන්තය විඳ ගන්න,
    නැවුම් හුලඟට එන්න,
    තාප්පය පෙරලන්න..

    එහෙත් මා හිර කරපු,
    කුරිරු ලෝකය එදා,
    තවම ඇත එහෙම්මම,
    බයයි එලියට එන්න.......................................

    ReplyDelete
    Replies
    1. හුටා කෑල්ලක් මතක නැති උනා.. :P
      "මම නෙවෙයි යෝදයා ඈ"

      Delete
    2. අපූරුයි මදූශ...
      හිතට වැදුණා......
      සාධාරණ උත්තරයක්......:)

      ඉතින් නුඹ එනු මැනව
      අපි අපෙන් පටන් ගෙන
      යළි තනමු
      ලෝකයම....:)

      (ආ නුඹ කිවුවාට නුඹම නෙවෙයි..යෝධයා ආ....හි හි...)


      Delete
  8. :D
    මට ඉන්න ඉඩ දෙන්න
    මගෙ ලෝකෙ තනිවෙන්න
    මගේ හිත අවුලන්න
    ඉඩ නොදෙමි ලං වෙන්න ;)

    ReplyDelete
    Replies
    1. තනි වෙන්න ඉඩ නොදෙමි
      හිම වැටෙන ගිම්හානෙ
      වැළද ගන්නට එන්න
      මල් පිපෙන වස්සානෙ....:)

      Delete