Saturday, May 11, 2013

සෝ සංකා බොහොම වැඩියි
නුඹ හන්දා ඔහුට ලැබෙන
හැමදාට ම බැරි වෙයි මට
ඒ කදුලැලි පිස දමන්න

නුඹ ගාවම රැදී ඉන්න
ඔහුට ඉතින් ඉඩක් දෙන්න
කුමර සිහින බිද දමන්න
එපා මලේ නපුරු වෙන්න

ඒ හිත ගැන නෙතින් වැටෙන 
කදුළු බිදුව හංගා ගෙන
හිනා වෙන්න බලා හිදින
පුංචිම පිනි බිදුව මම ය

ඔහුත් එක්ක අත් බැද යන 
නුඹෙ ලොව දැක සුබ පතන්න
මගෙ ආදර නගේ ඉතින්
තරහ නැතුව ඉඩ තියන්න...












20 comments:

  1. උපේක්ෂාවද? අපේක්ෂා භංගත්වයද?

    ReplyDelete
    Replies
    1. අපේක්ෂා භංගත්වය උපේක්ෂාවෙන් හංගන්න යනවද මන්ද...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. කවි විතරමයි වාගේ ලියන්නේ

    ReplyDelete
    Replies
    1. අනික්වා ලියන්න වෙලාවක් නෑනෙ අටම් අයියෙ....

      Delete
  4. පුංචිම පිනි බිදුව නුඹය
    ඒත් ලොකුම හිත නුඹේය
    නුඹෙ ඇස් පිය අතර පෙනෙන
    කදුළු බිදක රුව අගේය

    දුරක පියාඹා නොඑනට
    යන්ට සිතන නුඹ අතහැර
    විහගෙකු ගැන කුමක් කියමි?
    අනුකම්පා කරනු මිසෙක!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා...හරිම අපූරුයි...:)

      Delete
  5. වෙනසකටත් එක්ක කථාවකුත් ලියන්න...

    ReplyDelete
    Replies
    1. ලියන්න නම් හිතේ තියෙනවා සිරා...
      ඒත් වැඩ ගොන්නකට හිර වෙලා මාව..
      උත්සාහ කරන්නම් ඉඩක් ලැබුණ ගමන් ලියන්න..
      ගොඩක් ස්තුතියි..

      Delete
  6. හ්ම්ම්, අනේ මන්දා!

    ReplyDelete
  7. අලේ මංද... සින්ඩිගෙ කතාව ඉවරද :-(

    ReplyDelete
    Replies
    1. :) නෑ ඒක ඉවර නෑ සම්පත්..
      පුළුවන් වෙලාවක් ලැබුණ ගමන් ඒක දාන්නම්...

      Delete
  8. හිමි නැති පෙමකට ඉකිබිද
    හැඩුමට සිත මගේ බොළද වෙලා...ද...??

    ReplyDelete
  9. ඔයාගේ කවිය හරිම ලස්සනයි අක්කි. මටත් කවි ලියන්න පුලුවන් හැබැයි ඔයාට වගේ ලස්සනට ලියන්න නම් බැහැ. අනේ පුලුවන් නම් මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා මාව ධෛර්යමත් කරන්නකෝ. මම නම් තවම මේකට අලුත්. මට ඔයාලගේ අදහස් වටිනවා

    ReplyDelete
    Replies
    1. මම එන්නම් නංගෝ... වෙලාව තියෙන හැටියට කමෙන්ට් කරන්නම්...දිගටම ලියන්න.. නුඹට ජය..!!!
      ස්තුතියි මේ පැත්තෙ ආවට...

      Delete
  10. ලැබුණ දේට වඩා,නොලැබුන දේ ආදරේ වෙන්න ඇති..........

    ReplyDelete
    Replies
    1. අහ්... ආදරේට සීමා නොවුණු ලෙංගතු කමක් වෙන්න ඇති...

      Delete