Sunday, June 16, 2013




ඔය තරමට එරෙවුවාට මට නැහැ නුඹ එපා            වෙලා
නපුරු වචන කියෙවුවාට මගෙ නම් නැහැ හිත        රිදිලා
අහක බලන් ඉගිලුනාට මගෙ ඇස් නුඹ ළගට          වෙලා
සිනා සලයි ඔය හිත ළග පිපෙන සොදුරු මල්       ගැනලා

නුඹ කිවුවට නවතින් නෑ මගෙ හිත් මල හිර          කරලා
පන්හිද ගොළු කරවන් නෑ ඔය හිත් මල මග          ඇරලා
දකින්නවත් බැරි තරමට දුර ඈතින් නුඹ                රැදිලා
හිටියා වුණත් මැලවෙන් නෑ මගෙ ආදර හිත          පිරිලා

නොපෙන්නුවට මම දන්නවා ඔය හිත ලස්සනයි  කියලා
හැමදාමත් කවි ලියනවා නුඹ රවනවා බලන්         ඉදලා
මම ආදරෙ තමයි නුඹට මොටද ඒක වහන්            ඉදලා
ඉතින් කවුද කිවුවෙ නුඹට මට ආදරෙ කරන්        කියලා...

                                                 - හිතුවක්කාර හිත -


10 comments:

  1. "ඉතින් කවුද කිව්වෙ නුබට මට ආදරෙ කරන් කියල"
    නියමයි :-)

    ReplyDelete
  2. සජානි මොකෝ තරගයකට යන්න වගේ එකදිගටම පොස්ට් දන්නේ...:P

    උල්පතකින් වතුර එනවා වගේ කොහොමැයි
    මෙහෙම කවි සිතුවිලි පහල වෙන්නේ...:D

    ReplyDelete
    Replies
    1. සති අගදි විතරයි මට මේ දවස්වල මෙහාට එන්න වෙන්නෙ මනෝජ්...ඒකයි සතියෙම එවා එකතු කරලා එකට දාන්න වෙන්නෙ...
      :D

      Delete
  3. Replies
    1. ස්තුතියි මල්ලියා.... අද නේද මෙහාට ආවෙ? සාදරයෙන් පිළි ගන්නවා...

      Delete
  4. ආදරේ හිතට එබිකම් කරනකොට කවිද ලියවෙන්නැත්තේ.. නේ සජා.. ;)

    ReplyDelete
  5. මෙන්න මෙන්න මෙයා!!!!
    +1 for this line //ඉතින් කවුද කිවුවෙ නුඹට මට ආදරෙ කරන් කියලා//

    ReplyDelete
    Replies
    1. හෑ...හි හි ඒ කිවුවෙ... තේලුනේ නෑ මදු...

      Delete