Monday, July 15, 2013







කොළඹ වැස්සත්
නුඹ වගේම යි
හිතන්නවත් බැරි මොහොතට
ඇද හැළෙනවා එක පාරට
හැමදාම පාර පනින
කහ ඉරත්
අඩිය තියන්න බැරි තරමටම
යට කර ගෙන
කොච්චර ඉක්මනට
පෑවුවත්
ගන්න දෙයක් නෑ
මහ පාර...
.


19 comments:

  1. තරහා වෙනන එපා මෙහෙම ඇහුවට. අලුත් පෝස්ට් එකකට එන්න කලින් තියන පොඩි කමෙන්ට් ප්‍රමාණයට හරි පිළිතුරක් දෙන්න අකමැතිද සජානි.

    ReplyDelete
    Replies
    1. නෑ නලින් අයියා.. ගියවර පෝස්ටුව සම්බන්ධ කමෙන්ට් වෙනම ලිපියකින් කතා කරන්න තරම් වටිනවා..ඒකයි මගෙ අදහස එතනට එබ්බුවෙ නැත්තෙ.කොහොම වුණත් පුංචි පිළිතුරක් දෙන්න උත්සහ කරන්නම්...ගොඩක් ස්තුතියි ඒ ගැන ඇහුවට...

      Delete
  2. සජානි විරහාව ඇතුලේ හිර වෙලා වගේනේ....:(

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මනෝජ්.. විරහව හරිම රහයි නෙ..ගැළවෙන්න හිතෙන් නෑ..
      ම්..වෙන තේමාවලටත් බහින්න උත්සහ ගන්නම් මීළග පෝස්ටුවලින්..

      Delete
  3. වතුරෙන් පිරුණු මහපාරෙ
    ඇවිදින එකත්
    සුන්දර නැද්ද???

    ReplyDelete
    Replies
    1. සුන්දරයි වර්ෂා... ඒකයි මේ තරමටම විදින්නේ...

      Delete
  4. වැස්ස කොහොමත් එහෙමමයි, ඒත් ඒක නැතුවත් බෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත පුමා..ජීවත් වෙනවා කියලා දැනෙන්න වැස්ස වහින්නත් ඕනි..

      Delete
  5. නිතරම පොඩ්ඩ පොඩ්ඩ වහින වැහි පොදට වඩා
    ඉඳල හිටල එකපාරට වහින වැස්ස කොච්චර සැර උනත් ඒක ලස්සනයි...
    ඇරත් එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක් !

    ReplyDelete
    Replies
    1. එහෙම වැස්සක් නැතුව කොයින්ද වෙනසක්..!! අපූරුයි..

      මහ පාර ආයෙමත්
      යථාවට ගෙන එන්න
      මං විදින දුක් කන්ද..!!
      ඒ වුණත් මේ වැස්සෙ
      හොර හොරෙන් තෙමි තෙමී
      හෙමි හෙමින් රස විදින අපූරුව..!

      Delete
  6. ජිවිතේ රහ එන්න
    දුක් කදුලු ඕනමයි
    හොර හොරෙන් තෙමෙන්නත්
    මහ වැස්ස ඕනමයි...............

    ReplyDelete
  7. දන්නවනෙ, පොද වැස්සෙ තෙමෙනවට වඩා මහ වැස්සෙ තෙමෙන එක සුන්රදයි වග. !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් විභාෂ්...

      මහ වැස්ස සුන්දරයි
      වැටෙන කොට පෙම්බරයි
      ඒ වුණත් මගේ හිත
      තෙමාලන කඩාලන
      වැහි දියට අකමැතියි...

      Delete
  8. ඔව්
    සුමුදු සුදු මල් පෙතිත්
    අකමැතිනෙ මහ වැස්සට........... :)

    ReplyDelete
    Replies
    1. ගහට වෙනසක් වුනත්
      පෙති කඩාලන නිසා.. :)

      Delete
  9. ඒත් නිදිකුම්බ මල් වැස්සට බය නැහැ !! :D

    ReplyDelete
    Replies
    1. එතන මල් බය නැති වුණාට ගහ බයයි නේ...ම්..

      Delete
  10. ගහ බය වෙන්නෙ මල රැක ගන්න බැරි වෙයි කියල ! :)

    ReplyDelete
    Replies
    1. අහිංසක හිතක් බිය වද්දන වැස්ස..!!

      Delete