Monday, June 3, 2013

සාමලා අමරලා
වරෙල්ලා මෙහෙට
සල් මල් කැඩුවා ඇති ඔතන
ගනිල්ලා මේ තුවක්කුව අතට
බැද ගනිල්ලා පිටට - දේශ මාමකත්වය
පපුවට - ජාති ආලය

"වර්ජිතයි හලාල්
කුජීතයි ටැමිල්
පණ කෙන්ද තියෙනකල්
හම්බයින්ට දෙන් නෑ මොරාල්"

දුන්නෙ මං උණ්ඩ පුරවලා අතට
උඹලට තියෙන්නෙ කොකා ගස්සන්න විතරයි

වෙඩි තියමු වැටෙනකල්
එකා පිට එකා
පාගලා දාමු 
පස්වෙලා යනකල් ම

දැණුනොතින් හදිසියේවත්
ලේ රහ කටට
සූප්පු කරපියවු ජාති ආලය
දිව යටින් තියා ගෙන
හිරිකිතක් නැතිව

පඩුවස්ලා - පරාක්‍රමලා 
මේක හැදුවෙ බෙදා ගන්න නෙවෙයි
මේ තියෙන්නෙ යස අගේට
බදා ගෙන ඉඹිමු අපි - 
"ලක් මාතාව" උජාරුවට

අපේ කම සමරමු අපි
කකියන ලේවලින්
වැරදුණා බං
අපිට කොහෙද ලේ :-
ඇටවලින්..

ඉන් පස්සෙ පේ වෙලා
සුදු ඇදන්
පන්සල් ගිහින්
අත් දෙකම නළලට තියන්
ගාථා කියමු එක හඩින්
"මම බුදුන් සරණ යමි
  දහම් සරණ යමි"

ආ ඒ විතරක් ද
 "සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා
     නීරෝගි වෙත්වා
     සුවපත් වෙත්වා
          සාදු
          සාදු..!!"


8 comments:

  1. //දැණුනොතින් හදිසියේවත්
    ලේ රහ කටට
    සූප්පු කරපියවු ජාති ආලය
    දිව යටින් තියා ගෙන
    හිරිකිතක් නැතිව//

    උපරිමයි,කියන්න වචන නෑ.....
    ඔයා ලියපු හොදම එකද මන්දා සජානි.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝජ්.... :)

      Delete
  2. නිර්මාණය නම් හොදයි....
    ඒත් ජාතියට මවු රටට ඇල්මක් නැති එවුන් ගැන නං කතා කරලා වැඩක් නෑ. වරදවා හිතන්න එපා රටට ජාතියට ආදරය කියන්නේ හලාල් විරෝධයවත් අන්‍යයන් හෙළා දැකිමවත් නොවෙයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි නලින් අයියෙ..:)
      ම්...මම ජාති මාමකත්වය ගැන නෙවෙයි කතා කරන්න හැදුවෙ නම්..හලාල් විරෝධියො ඒක විස්තර කරලා තියෙන හැටි කිවුවෙ..හෙලා දැකීම සාධාරණීකරණය කරන්නෙ ජාති ආලය වගේ වචනවලින් කියලා අදහස් කළේ..:)

      Delete
  3. අදමනෙ මට ඔය දරුවගෙ බ්ලොග් එක අහු වුනේ.
    මොලයක් තියනවනම් ඇත්ත තේරුම ගන්න මේ කියල තියන ටික හොඳටම ප්‍රමාණවත්.
    මේ කමෙන්ට් එක වැඩිය ලිව්වොත් පෝස්ට් එකේ වටිනාකම පෙනෙන්නෙ නෑ.
    (ආත්මාර්ථකාමිත්වයට වඩා ජාත්‍යාලය හොඳයි වගේ වුනාට, ඒක හොඳම එක නෙවෙයි)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හෙනහුරා අන්කල්..:)

      සාදරයෙන් පිළිගන්නවා..හැමදාම එන්න..:)

      Delete
  4. සේරටම නම් මම එකග නෑ. ඒත් නිර්මාණය නම් හරි ප්‍රබලව අදහස් ප්‍රකාශ කරලා තියනවා.

    ReplyDelete