Friday, July 5, 2013
සදාදර නුඹ නමින්...
පිපී නොපිපී දිලුනු
සුවද කුසුමක පතක
රැදී නොරැදී හෙමින්
පිනි බිදුව පැන ගිහින්
හඩන නොහඩන සිතින්
සුහද හැගුමින් සැනින්
හුග දුරක් මම ගිහින්
බෝ කලක් දැන් ඉතින්
හිත මිතුරු හිත අරන්
නැති වුණත් මම ළගින්
නුඹ නුඹෙම සිහිනයට
ගිහින් වග හෙමි හෙමින්
ඇසූ දුටු තත්පරෙන්
දැනුන හිත කවියකින්
ලියනු නොහැකිව - ළතවෙම්
"කෙටියෙන් කරම් සදහන
මල් සියක් සිත් අරණ
ගොඩ වැදුණි එක් සැනින"
බලා ඉමි දුර ඉදන්
හිනා වෙමි නෙතු පියන්
යන අතර ඉදිරියෙන්
හදිසියෙන්වත් ඉතින්
වැටෙන්නට ගියෝතින්
පියාගන් ඔය දෙනෙත
හෙමි හෙමින්...
සුහද ඒ මොහොතේම
දෑත අල්ලා ගෙනම
මම නුඹේ ළගින් වග
දැනෙයි පෙම්බර නුඹට
හදවතින්...
ප.ලි :
කොතෙක් ලිවුවත් මෙ කව්
දැනෙයි හිස් බව හිතට
ලියා ගත නොහැකිව තවම -
සිතුම් ඔබ ගැන ඇදෙන
විදින්නෙම් වේදනා තනිවම...
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි... :)
ReplyDeleteස්තුතියි තරුවා...
Deleteනුබ ලගින් නැතුවට
ReplyDeleteදැනේ තවමත් පෙර උන්නු සුවද
ගෙන දී හදවතට ගින්දර
ගියත් ඔබ දුර ඇතක
සදාදර නුඹ නමින්
බලා හිදින්නෙමි මම තවම.
:) ස්තුතියි මනෝජ්.. දෙන්න උත්තරයක් නෑ මේකට...:(
Delete"ඔබේ ආදරය යනු මා අයිති කර ගැනීම ම නොව මට ද මා අයිති බව පිළිගැනීම බව දිනෙක ඔබ වටහා ගනු ඇත...." -මහේෂ් බේරුගොඩ
ReplyDeleteම්....හ්ම්ම්... ඇත්ත මහේෂ්...:)
Deleteතව ලියමු. හිතේ තියන සේරම අමතක වෙලා යනකල්ම....
ReplyDelete:) ඔව් ලියතවා පුමා හදවත නවතිනකල්ම..:)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහෙන ගහපන් කවිය නුබට..
Deleteඅරගත්තට මගෙන් ඇයව
රින්ගලා උබ ඇගේ හිතට....
අරන් ගියා මගෙන් ඇයව....
ලන් වෙන්නට බැරි ලෙසටම
අහු උනොතින් මටත් උබව
අම්මපා ගහනවා රිදෙන්න ....
අපූරුයි ධනුක...:)
Deleteහ්ම්ම්... දුක්බරයි.... ඒත් ලස්සනයි...
ReplyDelete:) ස්තුතියි සමනලී..
Deleteසදාදර නුඹ නමින්
ReplyDeleteදයාබර මම ලියපු
ආදරය මිය ඇදෙන
අවසාන කවි ගොන්න !
ජීවිතය මිය ඇදෙන
Deleteආදරය පණ ගහන
හිත යටට
කවි ගොන්න අවසාන වේවිද
ඔහු නමට..!
(පතන්නෙමි අවසාන
කව් ගොන්න
මෙ වන ලෙස..
නමුත් අසාවිද
මා තුට්ටුවකට
මායිම් නොකරන
මගෙම
හිතුවක්කාර හිත..)
මිය ඇදෙන ජීවිතය
ReplyDeleteමරණයෙන් ගොඩ ගන්න
පණ ගහන ආදරය
මැරෙන්නට හරිනු මැන !
සිත් ගනී ඉල්ලුම
Deleteඋත්සුකයි සිත එයට
එ වුවත්
දෑස් ඉදිරියෙ
හිනා වෙන රිදවන
පණ ගසන ආදරය
හැකියි නම් මරන්නට
වළ දමා
දෑත පිස දා
අවසනය
මෙ වන විටත්...
නොහැකි නම් රැක ගන්න
ReplyDeleteපණ අදින යමක් දෙස
බලන් ඉනු කොහොම නුඹ
හිතක් නැති හිතක් ලෙස !
රැක ගන්න, වළලන්න
Deleteනොහැකි බව සැබැයි එය
බලා ඉමි - හිස් අතින්
දෑස ළග දග දමන
හීන කව් කතන්දර..
මම ගොලු වෙමි !
ReplyDeleteලිවුවත් කවි පද අද
Deleteවසරකට පෙර හිද
ගොළු වුණෙම්
මමත්...:)
දවසක් ඒවි
ReplyDeleteගොලු හදවත් විවර කරන
පෑරුනු හදවත් සුවපත් වෙන
වසන්තය ඈතක නෙවෙයි !
වසන්තය පැන ගියේ
Deleteජීවිතය හොද හැටිම
පදම් කර..
පෑරෙන්න හදවතක්
ඉතිරි නොකරම
ඉද හිට තවම කවියකින්
හැඩවෙන්නෙ නටඹුන්ය
ඉතිරි වුණු..
ඇති විටදි හිනස්සන
නැති විටදි හැඩුම් දෙන
වසන්තය ඇවැසි නැත
පදම් වුණ මේ හිතට..:)
හැමදාම වසන්තයම බලාපොරොත්තු වෙනවට ඕව හොද පාඩම් ! :D
ReplyDelete:D බලාපොරොත්තු නොවුණ වෙලාවක හදිසියෙන් ආපු වස්සානයක්...
Deleteබලාපොරොත්තුවෙන් ඉදල එන වස්සානෙ ඊට වඩා ලස්සනයි !
Delete